ශ්‍රී ලංකාවෙන් ස්ථාවර පිළිතුරක්

අයර්ලන්ත කණ්ඩායම එරෙහිව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 81ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී නිශාන් මදුෂ්ක හතරේ පහර 6ක් සමඟ ලකුණු 41ක් සහ නායක දිමුත් කරුණාරත්න හතරේ පහර 6ක් සමඟ ලකුණු 39ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටී.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 492කට සියලුදෙනා දැවී ගියේය.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 492ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී අයර්ලන්ත ක්‍රීඩක කර්ටිස් කැම්පර් හයේ පහර 2ක් සහ හතරේ පහර 15ක් සමඟ ලකුණු 111ක් රැස්කර ගැනීමට සමත්විය.

අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ටර්ලින් ද හයේ පහර 4ක්  සහ හතරේ පහර 9ක් සමඟ ලකුණු 103ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දුයැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුළු 5ක් දවාගැනීමට සමත්විය.

විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගත් අතර රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවාගත්තේය.

Leave a Reply

Your email address will not be published.