සුපිරි පාපන්දු තරුව ශබ්දකෝෂයකට

ලොව එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු තරුව පේලේ පිළිබඳව සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවල සඳහන් වන්නේ ඔහුගේ නම “පේලේ” යන්න ශබ්දකෝෂයක් සඳහා ඇතුළත් කර ඇති බවය.

එම ශබ්දකෝෂයේ සුවිශේෂී, අසමසම සහ අද්විතීය යන වචන සඳහා සමාන පදයක් ලෙස පේලේ යන වචනය එකතුකර තිබේ.

පෘතුගීසි භාෂාවෙන් රචිත ශබ්ධකෝෂයක් වන “Michaelis dictionary” තුළට එම වචනය එක්කර තිබේ.

එය බ්‍රසීලයේ ජනප්‍රියතම ශබ්දකෝෂයකි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වනදා 82 හැවිරිදි වියේ පසුවූ මෙම සුපිරි තරුව දිවියෙන් සමුගත්තේය.

Leave a Reply

Your email address will not be published.