ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
පෙරේදා දිනයේ දීද මෙරටින් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබුණි.
ඒ කොවිඩ් ආසාධිතයන් වාර්තා වීම අවමව තිබූ කාල පරිච්ඡේදයකට පසුවයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන්ම අනුගමනය කිරීම ඉතා වැදගත් බව යි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන උපදෙස් දී තිබෙන්නේ.
බොහෝදෙනකුට කොවිඩ් අමතකවී ගොස් ඇති බැවින් ගමනක් යනවිට මුඛ ආවරණයක් පැලඳගෙන යෑම, නිරන්තරයෙන් දෑත් සබන් යොදා සේදීම, සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු කිරීම යන සෞඛ්‍ය පුරුදු අමතක වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසනවා.
විශේෂයෙන් කුඩා දරුවන් සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථානවලට රැගෙන යෑමෙන් වළකින ලෙසයි ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ.