අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් අද දින (27) කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි රජය මගින් ගෙන ඒමට තීරණය කොට ඇති ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මාධ්‍ය හමුවක් පවත්වා ඇත
මෙහිදි ප්‍රතිත්‍රස්ත පනත මගින් වන බලපෑම පිළිබඳව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති කේ.සංජීව මහතා පැහැදිලි කරන ලද අතර,
එම පනත මගින් රටේ දැනට යුද්ධයක් නොමැති වුවද ලංකාවේ නීතිය දේශපාලන අධිකාරියට අනුව ක්‍රියාත්මක වන බැවින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට අවස්ථාවක් ඇති බවත්. මෙම ත්‍රස්ත පනත මගින් මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක වීමටද අවස්ථාවක් ඇති බැවින් එම ප්‍රතිත්‍රස්ත පනත අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර සිටි.