විදේශ රැකියා ලබාදෙන බවට මුදල් වංචා කළ අයෙක්

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක්ව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දින කරුංගාලේ මාර්ගය අසල දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවය.

රුමේනියාවේ රැකියා ලබාදෙන පවසා එම තැනැත්තා විසින් රුපියල් 5,050,000ක මුදලක් වංචා කර ඇතැයි පොලීසියට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 24ක් වු බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුව අද (27) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නියමිතය

Leave a Reply

Your email address will not be published.