ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 704ක් රැස් කළේය.

එහිදී කුසල් මෙන්ඩිස් (245), නිශාන් මධුෂ්ක (205) ද්විත්ව ශතක රැස් කිරීම විශේෂත්වයකි.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211ක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 202කට දැවී ගියේය.

ඒ අනුව ඉනිමකින් සහ ලකුණු 10කින් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Leave a Reply

Your email address will not be published.