උතුරේ දේශපාල‍්ඥයින්ගේ කෙරුවාව – විඩියෝ පට සහිතව එලියට

උතුරේ දෙමළ දේශපාලඥයන් විසින් මෙරටට සිදු කරනු ලබන විනාශයන් පිළිබඳව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් මහතා සාක්‍ෂි සහිතව අද (28) වන දින කොළඹ මහජන පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් මහතා,

දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති යුද්ධය අතරතුර මෙන්ම මෙහි අවසාන වකවානුවේද ඉන් පසුවද මෙරට කීර්තිනාමයට අපහාස වන අයුරින් දේශිය හා ජාත්‍යන්තරව විශාල වැඩ පිළිවෙලක් ගෙනගිය බව අපි දන්නවා. සෑම වසරකම ජිනීවා මානව හිමිකම් සමුළු තුලදී මෙරට නියෝජනය කෙරුණද, එහිදී අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථා ලැබුනේ එක්තරා පිරිසකට පමණක් වන බැවින් යුද්ධයට සෘජුව මුහුණදුන් සාමාන්‍ය ජනතාවට තමන්ගේ අසාධාරණ හා තමන් දන්නා සත්‍ය පැවසීමට අවස්ථාවක් ලැබී නැහැ

මෙම වසරේ නැවත කැඳවීමට නියමිත මානව හිමිකම් සමුළුවේදී නැවතත් අපගේ මාතෘ භූමියට ‌‌චෝදනා එල්ල කිරීමට සිටින MK ශිවාජිලංගම් නැමති පුද්ගලයා විසින් මෙරට සිට විදෙස් ගතවන පුද්ගලයන් ලවා ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රකාශ එම රටවල නීතීඥයන් හරහා කරුණු ඉදිරිපත් කරමින් සිටින බවට අරුන් සිද්ධාර්ත් එහිදී වැඩිදුරටත් අනාවරණය කරන ලදී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී MK ශිවාජලිංගම් මේ බව ප්‍රකාශ කරන වීඩියෝ පට සහිත සංයුක්ත තැටියක් සහ ලිපියක් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය, අපරාද පරීක්‍ෂණ දෙපර්තමේන්තුව, ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් කාර්යාලය, රාජ්‍ය බුද්ධි ප්‍රධානි හට, සියළු තානාපති කාර්යාල වෙත, යුරෝපා සංගම වෙත සහ ජිනීවා සමුළුව වෙත යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය විසින් මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව බාරදෙන ලදී.

එම ලිපිය පහතින්

Leave a Reply

Your email address will not be published.