එජාප මැයි දින උළෙල ඇරඹේ

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත පිරිසක් මැයි දින උළෙලට සහභාගී වී සිටියහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන්  විජයවර්ධන මහතා ඇතුළු එජාප නායකයන් දින සැමරුමට  සහභාගී වීමත් සමග එජාප ජාත්‍යන්තර  කම්කරු දින සැමරුම ආරම්භ කෙරිණි.

“2048 ජයගමු” යන තේමාවෙන් මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උළෙල පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published.