දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක 03ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කෑගල්ල, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑග්ලල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සඳහා මෙලෙස නායයෑමේ නිවේදන නිකුත් කර තිබේ.

කෙසේවෙතත් පවතින තත්ත්වයන් යටතේ පොළොවේ ඇති වන ඉරි තැලීම් ගැඹුරට හෑරුණු පැලුම් සහ පොළොවේ ගිලා බැසීම් පිළිබඳවත් ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිවල ඇති වන පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම පිළිබඳවත් එකවර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම අවහිර වීම හෝ නැතිවීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම්දෙයි.

මේ අතර අද උදෑසන සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි හටගෙන තිබේ.

විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.