මාරාන්තික වෛරසය යළි හිස ඔසවයි

වසර කිහිපයකට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිර යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ යම් අයෙකුට උණ වැළඳී දින දෙකක් පවතින්නේ නම් ඩෙංගු රෝගී පරීක්ෂාවක් සිදුකර ගැනීම මගින් එය උග්‍රවීම වළක්වාගත හැකි බවය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණය සමඟ ඩෙංගු සහ මී උණ පැතිර යාමේ අවදානමක් මතුව තිබෙන බවයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ කොළඹ නගර සභාවේ, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා,

“මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආයතනය විසින් සිදුකර ඇති පරීක්ෂණ අනුව ඔවුන් සහතික කරලා තියෙනවා මේ වන විට ප්‍රමුඛ වෙමින් පවතින්නේ ඩෙංගු 3 වෛරස් එක. දැන් මීට විරුද්ධව ප්‍රතිශක්තියක් එනම් ප්‍රතිදේහ නෑ. ඒ නිසා පැතිරයාමේ අවධානමක් තියෙනවා.”

ප්‍රශ්නය – එදා ඉඳලා ඩෙංගු තිබිලත් අපිට මේක පාලනය කරගන්න බැරි තත්ත්වයක නම් අදත් තියෙන්නේ, කොතැන ද වැරුද්ද තියෙන්නේ ?

මේ පිළිබඳ අදහස් දැක්වු මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා,

“මඳුරුවාට ඉස්සරහින් යන්නා වු පර්යේෂණ ක්‍රමවේද හරහා අනාවරණය කරගන්න තාක්ෂණික දත්ත භාවිත කරමින් ඩෙංගු මර්දනය කරගැනීම සඳහා ප්‍රවේශයක් නොගන්න එක. ගෙවල්වලට ගිහින් ගෙවල් බලලා, මඳුරුවෝ බෝවෙන තැන් පෙන්නලා, ඒ ගෙදර මනුස්සයාට නඩුවක් දාලා ඒ වගේ ක්‍රමවේද තමා අපි තාම කරන්නේ. අපිට මීට එහාට යන්න පර්යේෂණ දත්ත මත පදනම් වෙච්ච වාහකයා පාලනය කරන්න. එහෙම නැත්නම් වෛරසය යම් තරමකට පාලනය කරගන්න පුළුවන් වුණ දත්තවලට නොයෑම තමා අපි මේ ගැටලුවට මුහුණදෙන ප්‍රධාන කරුණ.”

වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා,

“මේකේ තියන සංකීරණත්වය තියෙන්නේ වෛරස 4ට ගැළපෙන එන්නතක් හදන්න ඕනේ.”

උපුල් රෝහණ මහතා,

“පහුගිය මාස තුනහමාරක විතර කාලසීමාවේ ඩෙංගු රෝගීන් 29,000 ඉක්මවලා වාර්තා වෙලා තියෙනවා ලංකාවේ. මරණ 15ක් විතර වාර්තා වෙලා තියෙනවා. මේක ඇත්තටම පහුගිය අවුරුදුවල දත්ත එක්ක සංසන්දනාත්මකව බලද්දි බරපතළ ගැටලුවක්. මොකද සමහර අවුරුද්ද පුරාවටවත් මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවෙලා නෑ. දිගින් දිගටම ජනමාධ්‍යවල දකින්න ඇති මී උණ ගැන තියෙන අවදානම. 2500ක් ඉක්මවු රෝගීන් සංඛ්‍යාවක් පහුගිය මාස තුනට තුනහමාරට වාර්තා වුණා. මේකේ මරණ සංඛ්‍යාව තාම වසංගත රෝග අංශයෙන් තහවුරු කරලා නෑ. නමුත් මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමේ මරණ සංඛ්‍යාවක්. මේ රෝග දෙකම අසාමාන්‍ය විදියට වැඩිවෙමින් තියෙනවා 2023 පළමු මාස තුනේ.”

වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා,

“මොනම හේතුවක් නිසා හෝ උණ තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දෙවෙනි දවසේ දී ලේ පරීක්ෂාවක් කර ගන්න. ඩෙංගු රොගීන් මිය යන්නේ පමා වෙලා රෝහලට පැමිණීමෙන්.”

Leave a Reply

Your email address will not be published.