උත්තර පත්‍ර පරීක්‍ෂාව කඩිනම් කරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෘත්තීය සංගම් වලින් ඉල්ලයි

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තීය ගැටළු හා සිදුවිය යුතු මූලික ප්‍රතිසංස්කරණ මෙන්ම වෘත්තීය අරගල සිදුකිරීමේදි සිසු ප්‍රජාවට පලිහක් ලෙස යොදා ගැනීමේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදි පවත්වන ලදි.

එහිදි ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය මෙසේ අදහස් පල කරන ලදි.

” අපි සිවිල් සංවිධානයක් විදියට මේ වන විට අඩපණ වී තිබෙන අපොස උසස්පෙල උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ගුරු සංගම් වලින් ඉල්ලා සිටිනවා, උත්තර පත්‍ර පරීක්‍ෂාව අඩපණ වීම හේතුවෙන් විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්‍ෂාවෙන් සිටින සිසුන් මහත් අපහසුතාවට පත් වෙනවා, එමෙන්ම අපොස උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ටද මෙම තත්වය බලපානවා, එම නිසා අප සංවිධානය මගින් ඉල්ලා සිටිනවා ගුරු සංගම් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් කඩිනමින් මෙම උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීමේ කටයුතු සිදු කරන ලෙස”

මෙම මාධ්‍ය හමුව සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතා සහ අධ්‍යාපනවේදි සුනිල් ශාන්ත ගනේවත්ත මහතා සහභාගී විය.

Leave a Reply

Your email address will not be published.