කුඩු අංජු ගේ අපරාධ වාර්තා කැඳවයි

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ ‘කුඩු අංජු’ ගේ අපරාධ සම්බන්ධයෙන් වූ වාර්තා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඒ බව පැවසීය.

සමින්ද සිල්වා නොහොත් රත්මලානේ ‘කුඩු අංජු’ පසුගියදා ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. 

කුඩු අංජු මෙරට සිටි කාලය තුළ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් වූ තොරතුරු වාර්තා එරටට ඉදිරිපත් කර ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා එම වාර්තා කැඳවා තිබේ.

මීට දින කිහිපයකට ඉහතදී කුඩු අංජු නමැත්තා බිරිඳට සිදුකළ පහරදීමක් හේතුවෙන් ප්‍රංශ පොලීසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාරගත කර තිබුණි.

කුඩු අංජු නමැත්තා 2007 වසරේ සිට මේ දක්වා සිදුකළ බව කියන අපරාධ සම්බන්ධයෙන් වූ වාර්තා ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published.