පළාත් 4ක ආණ්ඩුකාරවරුන් ගැන ගත් තීරණය

ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

ඊයේ (06) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති වෙසක් උත්සවයකදී ඇය මේ පිළිබඳව සඳහන් කළාය.

අදාළ උත්සවය අමතමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා ඇත්තේ නැගෙනහිර පළාත තුළ තමන් සිදුකරන අවසන් කතාව මෙයවනු ඇති බවය.

පළාත් 04ක ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

සබරගමුව, ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ මෙතෙක් ඒ පිළිබඳව තමන්ට දැනුම්දීමක් සිදුකර නොමැති බවය.

ජනාධිපතිවරයා දැනුම්දීමක් සිදුකළහොත් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ද ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.