හදවත සසල කළ ඝාතකයාගේ පාපොච්චාරණය

අතුරුගිරිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව අද (08) පොලීසිය විසින් ඝාතන සිදුකළ ස්ථානය වෙත රැගෙන ගියේය.

අදාළ සැකකරුව පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.

29 හැවිරිදි සැකකරු මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද පොලීසිය පැවසීය.

මියගිය කාන්තාවගේ රුපියල් 450,000ක් පමණ වටිනා රන්මාලය කොල්ලකා උකස් කරන ලද රිසිට්පතද සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලිස් භාරයට ගෙන තිබුණි.

පසුගිය 02 වනදා සවස් කාලයේ අතුරුගිය පොලිස් වසමේ ගොඩගම පාර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක හිමිකාරියක් වෙළෙඳසැලේ කාර්යාල කාමරය අසල ආයුධයකින් මුඛයට පහරදී අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි.

ඊට අමතරව එම ලී වෙළෙඳසැලේ සේවය කළ 51 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකුට ද තියුණු ආයුධයකින් පහරදී තිබුණි.

එම පුද්ගලයා පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 06 යනදා මියගොස් තිබේ.

කෙසේවෙතත් සැකකරුව අද ඝාතනය සිදුකළ ස්ථානයට රැගෙන ඒමෙන් පසු ඔහු පොලීසියට මෙලෙස පැවසීය.

“එයා කෑ ගැහුවා. ඊට පස්සේ මම ඇඟිල්ල දැම්මා. ඇඟිල්ල ගියා කටට. ඇඟිල්ල හැපුවා. ඊට පස්සේ මම බිමට ඇදලා ගත්තා. ඇඟිල්ල ඇදලා අරගෙන කටට ඇන්නා පිහියෙන්. ඒ කරලා චේන් එක ගලවාගෙන ආවා…”

Leave a Reply

Your email address will not be published.