අක්ෂි ශල්‍යකර්ම ගැන පැහැදිලි කිරීමක්

අක්ෂි ශල්‍යකර්ම ගැන පැහැදිලි කිරීමක්

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සිද්ධිය කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර ඇතිවූ තත්ත්වයක් බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි.

එම සිද්ධියෙන් පසුව ඒ පිළිබඳව ක්‍රමානුකූල පරීක්ෂණ පවත්වා මේ වනවිට සාමාන්‍ය පරිදි අක්ෂි ශල්‍යකර්ම සිදුකරමින් පවතින බවද ඒ මහතා පැවසීය.

අක්ෂි ශල්‍යකර්මවලින් පසුව භාවිත කරන ඖෂධයක විෂබීජ ඇති බවට පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වූ බවත් එහෙත් මේ වනවිට එම ඖෂධය භාවිතයෙන් ඉවත් කර ඇති බවත් වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි. 

Leave a Reply

Your email address will not be published.