ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ODI තරගාවලියේ විස්තර නිකුත් කෙරෙයි

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබේ.

තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වෙයි.

දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිතය.

එම තරග තුනම හම්බන්තොට දී පැවැත්වෙයි.

ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මැයි 29 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.