කුරුණෑගල රෝහලේ වෛද්‍ය වර්ජනය නිසා රෝගීන් අපහසුතාවයට

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා හා මාතෘ ඒකකයේ වෛද්‍යවරයකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රෝහලේ සමස්ථ වෛද්‍ය කාර්ය මණ්ඩලයම අද ( 11) සිය සේවා වලින් ඉවත් වූහ.

මෙම වර්ජනය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර මෙන්ම සායනික වෛද්‍ය ප්‍රතිකාර සේවාවන්ද සම්පූර්ණයෙන්ම ඇන හිටීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව සිටියහ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තම ගැබිනි පෙම්වතියගේ දරු කළලය ඉවත් කර දෙන ලෙසට බල කරමින් මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පසුගිය 8 වන දින ළමා හා මාතෘ ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට පහරදී ඇති බව පැවසේ.

මෙම සිද්ධියෙන් පසුව ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේවනවිට පොලිස් කණ්ඩායම් කීපයක්ම යොදවා ඇති බව වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.