රජය හොර පාරෙන් යලිත් පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීමට සැරසෙයි…

රටේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳහෙළීමට රජය විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවත්, අද (11) දින කොළඹදි පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් මහතා පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,

“ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳහෙළීමට රජය විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට උත්සාහ ගන්නවා. මේ වන විට ලයිසියම් ආයතනයට සම්බන්ධව ආරම්භ කිරීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාලය ඇති කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින අතර, රටේ වෛද්‍ය පීඨවල තිබෙන ගැටළු නිරාකරණය කිරීම වෙනුවට පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල ඇති කිරීමට ගන්නා උත්සහයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව වශයෙන් අප විසින් තීරණය කර තිබෙනවා”

Leave a Reply

Your email address will not be published.