ලක්ෂ 15 ක ‘අයිස්‘සමඟ2ක් දැලේ

බොරලැස්ගමුව පැපිලියාන හන්දියේ මාර්ග බාදකයකදී ත්‍රිරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා  අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම 100 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන  රුපියල් 26750 මුදලක් ජංගම දුරකථන තුනක් හා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය නවතා පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී ත්‍රිරෝද රථයේ පිටුපස වාඩිවී සිටි පුද්ගලයා පිළිබඳව මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි පොලිස්  සැරයන්වරයාට  සැකයක් පහළවී ඇත. 

ඒ අනුව එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී සරම කැසපොටේ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට  හැකි වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය

Leave a Reply

Your email address will not be published.