ආයුධ වලින් පහරදී ටික් ටොක් කරලා:8ක් දැලේ

යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදෙන අයුරු වීඩියෝ කොට ටික් ටොක් සමාජ මාධ්‍යට දැමූ පුද්ගලයින් 08 දෙනෙකු  අත්අඩංගුවට ගත් බවට කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.

මීට දින 10 කට පෙර 54 හැවිරිදි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් කඩු ඇතුලු තියුණු ආයුධ වලින් පහරදෙන වීඩියෝවක් ටික් ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග විශේෂ පරිකෂණයක් ඇරඹු කන්කසන්තුරෙයි කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අදාල සැකකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගැනීම සිදුවිය.

පහරකෑමට ලක් වූ පුද්ගලයා බරපතල තුවාල ලබා පේදුරුතුඩුව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව යාපනනය ශික්ෂණ රෝහල වෙතට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකොට යවා ඇති අතර ඔහුගේ තත්වය බරපතල බවටද වෛද්‍යවරුන් පවසති.

කෙසේ වෙතත් අදාල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වන වීඩියෝව ආශ්‍රයෙන් පරික්ෂණ ඇරඹූ පොලීසිය අදාල සැකකරුවන් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සැඟව සිටි නිවාස වල සඟවා තිබූ කඩු, කෙටේරි, පොරෝ ඇතුලු තියුණු ආයුධද රැසක් සොයාගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනයේ ක්‍රියාත්මක ආයුධ කල්ලියක ප්‍රභල සාමාජිකයින් බවට සැකපල කරන අතරම කන්කසන්තුරෙයි පොලීසිය විසින් ඔවුන් අද දින පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටනියමිතය.

Leave a Reply

Your email address will not be published.