සංචාරක හෝටලයේ පළමු මහලෙන් දරුවා බිමට

අහුන්ගල්ලේ  සංචාරක හෝටලයක පළමු මහලෙන් බිමට වැටුණු දරුවකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුත් කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ කුරුණෑගල පදිංචි සිව් හැවිරිදි පිරිමි ළමයෙකි.

මව්පියන් සමග සංචාරයක් සඳහා පැමිණ හෝටලයේ පළමු මහලේ කාමරයක නතරව සිටියදි ළමයා අද අලුයම හතරට පමණ කාමරයෙන් පිටතට පැමිණ බැල්කනියේ රැඳි සිටියදි බිමට වැටි ඇත.

තුවාල ලැබු ළමයා පළමුව බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published.