ලංකාවේ පළමු වරට සිදුකළ සැමරුම

කැලණිය, තොරණ හන්දියේ සිට ගිනිනිවීමේ රථ 45ක් අද (14) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත පැමිණ තිබුණි.

එම ගිනි නිවීමේ රථ පෑලියගොඩ පිවිසුමෙන් කටුනායක- කොළඹ අධිවේගී මාර්ගය හරහා ගමන් ගෙන නිදහස් චතුරස්‍ර පරිශ්‍රය දක්වා පැමිණ තිබුණේ, “ජාත්‍යන්තර ගිනිනිවීමේ භට දිනය” වෙනුවෙන් වූ ප්‍රධාන උත්සවය වෙනුවෙනි.

මේ දක්වා ශ්‍රී ලංකාවේ මෙම දිනය සැමරීමක් සිදුනොකළ අතර මේ වසරේ මැයි මස 14වනදා එනම් අද, එම දිනය සැමරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබීම විශේෂත්වයකි.

1998 වසරේ දෙසැම්බර් 2වනදා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට ගිය ගිනි නිවීමේ භටයින් 5 දෙනෙක් එම ගින්නට හසුවී මියගොස් තිබුණි.

ඔවුන් සිහිගැන්වීම උදෙසා සෑම වර්ෂයකම මැයි14වන දින ජාත්‍යන්තර ගිනිනිවීමේ දිනය ලෙස නම් කෙරුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම දිනය අද පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සමරනු ලැබුවේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ශ්‍රී ලංකා ගිනිනිවීමේ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නව වෙබ් අඩවියක් ආර්ම්භ කිරීම ද සිදුවුණි.

Leave a Reply

Your email address will not be published.