වෙන්නප්පුව, බෝලවත්ත දුම්රිය ස්ථානයට එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (13) රාත්‍රී 7ට පමණ බීමත්ව සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවය.
බෝලවත්ත දුම්රිය ස්ථානයේ වේදිකාව මත පුද්ගලයින් කිහිපදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඔවුන්ට එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දැනුම් දුනි.
එම අවස්ථාවේ දී එම පිරිස දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට සහ දුම්රිය ස්ථානයට පහරදී තිබුණි.
පහරකෑමෙන් බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.
සිද්ධියෙන් පසු බෝලවත්ත දුම්රිය ස්ථානය ඊයේ රාත්‍රී තාවකාලිකව වසාදැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
අනතුරුව එම ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී වෙන්නප්පුව කම්මල ප්‍රදේශයේ සැඟව සිටියදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් 34 සහ 45 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වෙයි.