හාලිඇළදී වෑන් රථයක් අනතුරකට ලක්වෙයි – 11ක් රෝහලට

නර්තන කණ්ඩායමක් ගමන්කරමින් සිටි වෑන් රථයක් බදුල්ල, හාලිඇළ ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (14) අලුයම එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ වෑන් රථය නර්තන කණ්ඩායමේ හිමිකරු විසින්ම පදවා ඇති අතර ඔහුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.

තුවාල ලැබූවන් අතර අවුරුදු 18ත් 20අතර වයස් කාණ්ඩවල පසුවන ගැහැණු ළමුන් 08දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරුද සිටී.

තුවාලකරුවන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.