ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීම ගැන සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ ලෝක බැංකු නියෝජිතයින් සහ අමාත්‍ය කංචන විජේසේකර අතරයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංග්ලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා එක්ව තිබේ.

මෙරට සුළං බල ව්‍යාපෘති මෙන්ම ඉදිරි පුනර්ජනනීය බලශක්ති වෙනුවෙන් ලෝක බැංකුව ලබා දෙන මූල්‍ය සහය පිළිබඳ කංචන විජේසේකර අමාත්‍යවරයා ස්තූතිය පළ කළේය.

Leave a Reply

Your email address will not be published.