අනුරාධපුර තලාව, ඉහළ වැව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේ මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි 63 හැවිරිදි එක්දරු මවකි.
දරුවන් බලාගැනීම එම කාන්තාවගේ රැකියාව වන අතර ඇය අද (17) උදෑසන 6.30 පමණ තම රැකියාව සඳහා නිවසින් පිටව ගොස් තිබුණාය.
ඇය අනුරාධපුර තලාව ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉහළ වැව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයට ලක්ව තිබේ.
එහිදී එම කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මෙම මාර්ගය සමීපයේ ඇති තලාව මොරගොඩ රක්ෂිතය ආවරණය වන පරිදි අලි අගලක් සහ විදුලි වැටක් පැවතිය ද ප්‍රදේශවාසීන් පවසන්නේ එය නිසියාකාරව ඉදිකර නොමැති බවය.