සමෘද්ධි බැංකුව ගැන රජයෙන් තීරණයක්

අස්වැසුම ප්‍රතිලාභය ජනතාවට ලබාදීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (17) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසුවේය.

මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ පැවති මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් ද එක්ව වු බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.