පුත්තලම මද්‍රසා පාසලේ සිසුන්ට යුද මානසිකත්වය දෙමින් දේශන පැවැත්වු දේශකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරයට පෙර පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුත්තලම අල් සුහයිරියා මද්‍රසා පාසලේ සිසුන්ට යුද මානසිකත්වය දෙමින් දේශන පැවැත්වු දේශකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේය.

පාසලේ දේශන පැවැත්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ සැකකරුවන් සිව් දෙනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩනය ඉදිරි දින ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය සිදු කළ අතර මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනාස් අන්වර්, මොහොමඩ් ජුසෙයිල් අබ්දුල් හමීඩ් ජාබර් නැමැති දේශකයන් දෙදෙනා සහ එම ස්ථානයේ එම අවස්ථාවේ රැදී සිටි මොහොමඩ් අසිපත් අබුබකර් සිද්ධික් සහ රාවුත්තර් නෙයිනා අසනාත් මරක්කාර් යන අයවළුන් වේ.

ඉදිරි දින සාක්ෂි සම්පිණ්ඩනය සලකා බලා සැකකරුවන් සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් සිදු කරන බවද මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.

මෙම සැකකරුවන් ඇමරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම, පහර දීම, පලස්තීන යුද්ධය සම්බන්ධයෙන් ඇතුළු ලෝක යුධ ඉතිහාස වාර්තා ඉදිරිපත් කරමින් එම මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට යුද මානසිකත්වය ක් ලබා දී ඇති බවට එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ ප්‍රකාශ තහවුරු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.