වසන්ත ඇතුළු පිරිස ට ඇප

විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 08 දෙනා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (18) රාත්‍රියේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8දෙනෙකු මෙලෙස කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

සරසවි සිසුන් පන්දම් රැගෙන කොළඹ – නුවර මාර්ගය දෙසට ගමන් ආරම්භ කළ අතර එහිදී පොලීසිය දැඩි රැකවල් යොදා තිබුණි.

විශ්වවිද්‍යාල සිසුන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමට උත්සාහ කිරීමත් සමග පොලීසිය සහ විරෝධතාකරුවන් අතර නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අයුතු ජනරාශියේ සාමාජිකයින්ව සිටිමින්, පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම සහ පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published.