චීනයේ සයිනොපෙක් සමාගම සමග ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) අත්සන් තබා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට එමගින් එළඹුණු බවයි.
ලොව විශාලතම ඛනිජ තෙල් සමාගම් 05 අතර පවතින අතර මෙම ගිවිදුමට එළඹ ඇත්තේ කැබිනට් අනුමැතියෙන් පත් කළ විශේෂ කමිටුවක් එම සමාගම සමග පැවැත් වු සාකච්ඡාවලින් අනතුරුව ලබාදුන් නිර්දේශවලට අනුවය.