මගේ මතයේ වෙනසක් නෑ:සිත් රිදුමක් වුණා නම් සමාවෙන්න

මා කළ ප්‍රකාශයෙන් බෞද්ධ, හින්දු මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කිසියම් සිත් රිදවුමක් වුයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි.

දේවගැතිවරයා මේ බව සඳහන් කළේ සිංගප්පූරුවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඉරිදා දේවමෙහෙයට එක්වෙමින්ය.

තමන්ගේ ප්‍රකාශය පිළිබඳව සිත් රිදීමක් වුයේ නම් ඒ ගැන සමාව අයදින නමුත් තමා කළ ප්‍රකාශය අසත්‍ය නොවන බව ද එහිදී ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අවධාරණය කිරීම විශේෂත්වයකි.

විදේශගතව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ කලින් සඳහන් කර තිබුණේ නියමිත දිනට දේවමෙහෙය දෙහිවල ප්‍රදේහයේ ස්ථානයකදී සූම් තාක්ෂණය ඔස්සේ සිදු කරන බවයි.

එහෙත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ නැවත සටහනක් තබමින් ප්‍රකාශකර තිබුණේ දේවමෙහෙය නුගේගොඩ ප්‍රදේහයේ ස්ථානයකදී පවත්වන බවයි. ඒ අනුව එම ස්ථානයේදී දේවමෙහෙය  අරඹමින් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය. තමා නැවත ලංකාවට පැමිණෙන බවත් තමාගේ නීතිඥයන් අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් එහිදි දේවගැතිවරයා සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.