හෙට සිට පාසල් නිවාඩු

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 26 වන සිකුරාදා දින අවසන් කෙරෙන බවය.

පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සදුදා දින ආරම්භවීමට නියමිතය.

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023.05.29 සිට 2023.06.08 දිනය දක්වා පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published.