පෑලියගොඩ පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්

පෑලියගොඩ ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

තහනමට ලක් වූ අනෙක් නිලධාරීන් දෙදෙනා පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ද වන බව පොලිසිය පවසයි..

ගංජා කිලෝ 24ක් සමග අත්අඩංගුවට ගත්  සැකකරුවකු  මෝටර් රථයෙන් පලා යද්දී අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙන් වැඩ තහනම් කර ඇත.

Leave a Reply

Your email address will not be published.