සංචාරකයින් පැමිණීම 500,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ සැලකියයුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි 01 වනදා සිට මැයි 28 දක්වා කාලය තුළ මෙරටට සංචාරකයින් 516,946 දෙනෙක් පැමිණ තිබේ.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ මාර්තු මාසයේදීය. එම ගණන 125,495කි.

මැයි මාසයේ 28 වනදා දක්වා පැමිණ ඇති සංචාරකයින් ගණන 75,769කි.

Leave a Reply

Your email address will not be published.