ජනතාවට ඉන්ධන මිලෙන් දැවැන්ත සහනයක් ?

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ.

විශේෂයන්ම එක්සත් ජනපදයේ ණය සීමාව සම්බන්ධයෙන් ඇතිව තිබූ මත ගැටුම සමනයබ්වීම ඊට ප්‍රධාන හේතුව බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.71 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 71.48 දක්වාද අඩුවී තිබේ.

සමස්තයක් වශයෙන් බොර තෙල් මිල 2%කින් පමණ පහළගොස් ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර මෙරට ඉන්ධන මිලද ජූනි 1වනදාට පෙර සංශෝධනය වීමට නියමිතය.

පසුගිය මිල සංශෝධනය සිදුවන අවස්ථාව හා සැසඳීමේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස අතිප්‍රමාණය වී ඇත.

ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ ඩොලරයේ වටිනාකම පහළ යෑම හා බොරතෙල් මිල පහළ යෑම හමුවේ මෙවර මිල සංශෝධනයේදී ජනතාවට සැලකිය යුතු සහනයක් හිමිවනු ඇති බවටයි.

Leave a Reply

Your email address will not be published.