මහ බැංකුව තීරණයක් ගනී

ශ්‍රි ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඊයේ රැස්වූ ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.

බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් උද්ධමනය අඩුවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

මැයි මාසය අවසන් වනවිට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇති බව මහ බැංකුව පවසයි.

මේ අතර පසුගිය අප්‍රේල් මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේශන ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 

අප්‍රේල් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 454ක ප්‍රේශන ලැබී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේය.

පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසය තුළ සංචාරක පැමිණීම යම් පහළ මට්ටමක පැවතිය ද 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම ඉහළ ගොස් තිබේ.
 
මහ බැංකුව සඳහන් කළේ මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වු කාලය තුළ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 591ක් ලෙස වාර්තා වි ඇති බවය.

Leave a Reply

Your email address will not be published.