ණය අර්බුද විසඳීමට අදාළ තාක්ෂණික කරුණු ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ණයගැතිභාවයට පත්වී ඇති රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැපීපෙනෙන ප්‍රගතියක් අත් කරගැනීමට අද (09) පැවැත්වෙන ගෝලීය ස්වෛරීත්ව ණය පිළිබඳ වටමේස සාකච්ඡාව ඉවහල්වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුලද අපේක්ෂා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් පවසන්නේ එම සාකච්ඡාවෙන් පසුව තුලනාත්මක ණය සහන ලබාදීම පිළිබඳ වැඩමුළුවක් ලබන 15 වනදා පැවැත්වීමට නියමිත බවය.

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදවලට මුහුණදෙන රටවලට විසඳුම් සොයන වටමේස සාකච්ඡාව අද එලෙස පැවැත්වෙයි.

G20 කණ්ඩායමේ වත්මන් සභාපති, ඉන්දියාව, පැරිස් සමාජයේ නිල ණයහිමි රටවල සභාපති ධුරය දරන ප්‍රංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ චීනය ඊට සහභාගීවීමට නියමිතය.

ණය අර්බුද විසඳීමට අදාළ තාක්ෂණික කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

අද සාකච්ඡාවට සහභාගීවන රටවල නියෝජිතයින්ගේ තවත් සාකච්ඡාවක් ලබන 30 වනදා පැවැත්වෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් සඳහන් කරයි.

මේ අතර මේ වසරේ මැයි මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් 83,309 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය 2022 වසරේ මැයි මාසයට සාපේක්ෂව 175.8 % ක වර්ධනයකි.

මේ වසරේ පළමු මාස 5 තුළ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 524,486 ක් වෙයි.

Leave a Reply

Your email address will not be published.