පසුගිය කාලයේ ගෙන්වූ වාහන සංඛ්‍යාව ගැන වාර්තාවක්

රටේ ජනගහණයෙන් හැම 05 දෙනෙකුගෙන්ම 01 අයෙක් පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවය.

වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714කි. “

2015දී – වාහන 652,446ක්
2016දී වාහන 466,986ක්
2017දී වාහන 448,320ක්
2018දී වාහන 496,282ක්
2019දී වාහන 332,452ක්
2020දී වාහන 102,228ක්

Leave a Reply

Your email address will not be published.