සිම්බාබ්වේ ගිය ලංකා පිලට අකරතැබ්බයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය සඳහා සහභාගීවීම ට සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී ඔවුන්ට ලබාදී ඇති හෝටල් කාමරවල අවසරපත් නොමැතිවීම හේතුවෙන් පැය 3කට ආසන්න කාලයක් හෝටලය තුළ බිම වාඩි වී සිටිමට සිදුව තිබේ.

ICC තරගාවලියක ජාතික කණ්ඩායමකට දක්වන මෙම සැලකිල්ල පිළිබඳව මහීෂ් තීක්ෂණ සිය සමාජ මාධ්‍ය ගිණුමක එය පළකර තිබුණි.

මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ  ශ්‍රී ලංකා කණ්ඩායම දහවල් හෝටලයට පැමිණ ඇති අතර  ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පැමිණි තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පරීක්ෂා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් “පරීක්ෂා කිරීම” ප්‍රමාද වීමට හේතු වී ඇති බවය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු ICC සමඟ එක්ව කෙටි කාලයක් තුළ ගැටලුව නිවැරදි කර ගැනීමට කටයුතු කළ බව එම නිවේදයේ දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published.