තුල්හිරිය මළ ගමක් කළ බිහිසුණු අනතුර

තුල්හිරිය ප්‍රදේශයේ අද උදෑසන 5.30ට පමණ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරණයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ ටිපර් රථයක තුල්හිරිය ප්‍රදේශයේ දී ගැටී ඇති බවය.

ඉන් එකම පවුලේ පියා (40), මව (39) සහ පුත්‍රයා (13) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් රඹුක්කන පදිංචිකරුවන් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරුව මේ වනවිට වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය තිදෙනාගේ සිරුරු වරකාපොළ රෝහලේ තැන්පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.