යූරියා පොහොර මිටියක මිල අද සිට අඩු වෙයි

 රුපියල් 10,000කට ලබාදුන් යූරියා පොහොර මිටිය අද (15) සිට රුපියල් 9,000කට ලබාදෙන බව රජය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ පසුගිය කාලයේ රුපියල ශක්තිමත්වීමත්, වියදම් අඩු කරගැනීම මත ගොවි ජනතාවට එම වාසිය ලබාදීමට හැකිවූ බවයි.

මෙම කන්නය සඳහා මඩ පොහොර නොමිලේ ලබාදීම ක්‍රියාත්මක කළ බවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4,500 කින් අඩුකර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සමහර නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා ගොවීන්ට නිසි වේලාවට පොහොර නොලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබෙන බවත් ඉදිරියේදී ගොවි ජනතාවට සේවය කිරීමට කටයුතු නොකරන නිලධාරීන්ගේ තරාතිරම නොබලා කටයුතු කිරීමට පසුබට නොවන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.