මෙවර ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය තීරණය කෙරේ

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වීමට තීරණය කෙරේ.

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරෙන බවය.

ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද එම නිවේදනයේ සඳහන්ය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ 2024 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු අවුරුදු 10 හෝ 10ට වැඩි අඩු ආදායම් සහිත සිසුන්ට පමණක් බව ද ඒ මහතා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත ආකාරයෙන් වන අතර, අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැක.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳ ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර

දුරකථන අංක 0112 784 537 / 0112 786 616 / 0112 784 208
ක්ෂණික ඇමතුම් – 1911
ෆැක්ස් අංකය – 0112 784 422

Leave a Reply

Your email address will not be published.