හෝමාගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ 46 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු ඊයේ 20 රාත්‍රී 8 ට පමණ නිවෙස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබේ.

තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

දෙපාර්ශ්වය අතර කලක සිට පැවති පැවති ආරවුලක් වෙඩි තැබීමට හේතු වී ඇති බව පොලිසිය පවසයි .

Leave a Reply

Your email address will not be published.