නොරොච්චෝලෙන් ඇල්ලූ මත්කරල්

නොරොච්චෝලේ කරඹ ප්‍රදේශයේ දී ලක්ෂ 4කට අධික මත් කරල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නොරොච්චෝලේ පොලීසියට ලද තොරතුරක් මත කරඹ පොලිස් හා නාවික හමුදා ඒකාබද්ධ මාර්ග බාධකයේ දී කල්පිටිය දෙස සිට පාලවිය දෙසට ගමන් කළ වෑන් රථයක් පරීක්ෂාවට ලක්කර ඇති බව සඳහන්ය.

එහිදි අදාළ වෑන් රථයේ තිබි මත් කරල් 423,000ක තොගයක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.

මත්කරල් තොගය ප්‍රවාහනය කළ 29 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එහිදි අත්ඩංගුවට ගෙන ඇති අතර ඔහු පුත්තලම මහ‍ෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර බස්රථවල ගමන් කරන කාන්තාවන්ට මත්පෙති ලබාදී රන් භාණ්ඩ සොරකම් කිරිමේ නිරත වු පුද්ගලයෙකු කටුනායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබි මත් පෙති 4ක්, රන් මාලයක්, රන් මුදු තුනක් සහ අත් පළදනාවක් සොයාගත් බව පොලීසිය පැවසීය.

53 හැවිරිදි සැකකරු රාජාංගන‍ය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.