හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් තිබේ.
එම පොලිස් නිලධාරියා ගමන් කළ යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
බරපතළ තුවාල ලැබු ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කළ 47හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු බව පොලීසිය සඳහන් කළේය.