අපරාධකරුවන්ට විදෙස් ගමන් බලපත්‍ර සැකසූ ජාවාරමක් වටලයි

මෙරට විවිධ අපරාධ කල්ලි සාමාජිකයන්ට විදේශගතවීම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදෙන ජාවාරමක් වටලා තිබේ.

අදාළ ජාවාරමේ නිරත වූ වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිණිය සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාරවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගේ නිවාසවල තිබී විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් සැකසූ ගුවන් ගමන් බලපත්‍ර 13ක් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂද සොයාගැනීමට පොලීසිය සමත් විය.

Leave a Reply

Your email address will not be published.