වෙරි මරගාතෙ රාජකාරි කළ පී.සී ගේ වැඩ තහනම්

ගම්පහ රෝහලේ පොලිස් මුරපොළේ බීමතින් රාජකාරී කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම නිලධාරියා බීමතින් රාජකාරී කරන බවට තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමතින් සිටි බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

බීමතින් රාජකාරී කිරීමේ වරදට මෙම සැරයන්වරයා වැඩ තහනම් කර ඇත.

එලෙස වැඩ තහනම් කර ඇත්තේ ගම්පහ මුලස්ථාන මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සැරයන්වරයෙකි.

Leave a Reply

Your email address will not be published.