ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් විශිෂ්ට ජයක්

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (03) පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක් අතැතිව ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියේ සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 31කදී කඩුලු 2ක් දැවී ලකුණු 127ක් රැස්කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Suzie Bates නොදැවී ලකුණු 63ක් රැස්කළේය.

තරගය ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 29කදී ලකුණු 196ක ඉලක්කයක් හිමිවිය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 196ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 140ක් රැස්කළේය.

පන්දු 80කදී ගොඩනැගූ ඇයගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් විය.

Leave a Reply

Your email address will not be published.