කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10%කින් අඩුකිරීමට ආපනශාලාහිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව රු 700කට පැවති කොත්තුවකින් රුපියල් 70ක මුදලක් අඩුකර ඇති බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
එමෙන්ම රු 1000කට පැවති කොත්තුවෙන් රු 100ක මුදල් අඩුවන බව ද ඒ මහතා සඳහන් කළේය.
ගෑස් මිල සංශෝධනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබාදීමට එම තීරණය ගත් බව ද අසේල සම්පත් මහතා පැවසීය.