ඉන්දීය විදේශ ලේකම් ලබන සතියේ දිවයිනට

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා එළැඹෙන සතියේ දී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නවදිල්ලි සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 20 වන දා නිල සංචාරයක් සදහා නවදිල්ලියට යෑමට සැලසුම් කර තිබෙයි.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයේ නිරත වන පළමු අවස්ථාව මෙයයි.

මෙම සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.

මේ අතර, ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් එක්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.